පෙරඹරින් නැගෙන හිරු කෙදි
පොරව ගන්නත් මත්තෙන්
එඩි බිඳුනු හිත් දෙමංසලක
ඇතිරුවෙමි,
මටසිලිටි මගකට පාවඩ......
අකුරු සිර කල පවුරු බිඳිනට
යකඩ සපත්තුවට සිර වූ නුඹ
යුක්තිය අයදින දෑස් විනිවිද
හැඬුවෙමි,
ඔසවන්න වාරු මද දෑත සිප......
නුඹේ කකියන රුහිරු පැහැ ගෙන
හෙට නැගෙන අරුණැල්ල යට
ලෙළ දෙන රතු ධජ හෙවණක
හෙළන්නෙමි,
නුඹ නමින් සුසුමක් සෙනෙහෙබර.......
No comments:
Post a Comment