රන්
නූලෙන් සළු ගෙත්තම්
මැවෙයි
ඇඟිලි තුඩින්
මා
දිවියම රන් පැහැ විණ
ඇනි
නුඹ දළ තුඩින්…..
සුවඳ
උරා මල අමතක
බඹරිඳු
විය නුඹත්
එළි
සෙව්වෙම් අඳුරු රැයක
පා
ළඟ වැටි දණින්….
අත්
සතරක් පෙති තැලුවද
යළි
නුඹ මගෙ ළඟින්
අමාවකේ
මැලවුණු සඳ
හෙට
පූදියි තුටින්….
ඇත්ත තමයි හැමදාම අමාවක නෙවෙයිනෙ දවසක පුර පසලොස්වක සඳ පායයි හැබැයි දුක හැමදාම හඳ ඒ විදිහට නැති එක :) ලස්සන කවියක්
ReplyDelete