March 12, 2013

ඇය පතන වෙනස....





ලියමි මම,
හද විලම
ඉරි තැලී ගිය
මොහොතක,
සිතා නුඹ ගැන…

දනිමි මම,
ශාන්තුවරයෙකු
නොවන වග,
පස් පවින්
වැළකුණ…

නමුදු මම,
කෑ ගසා කියමි
නොකල බව,
කිසිඳු කැළලක්
අප පෙමට…

නුඹ දුටුව
පළමු දින සිට,
නුඹ පෙම් බැන්ද
කුමරු,
අදත් එලෙසම බව…

මුදු පියාතටුවක
රැදි සැහැල්ලුව
හිත දරා,
ඔහේ සරණා
ජීවියම බව…

ඉදින්, අද නුඹට
නුඹම පෙමි කල,
ඔහු මරා,
ලොවම සනහන,
බෝසතෙකු අවැසි නම්…

මරමි මම,
පැරණි නුඹ කුමරුව,
යලිඳු ඉපදෙමි
ලොවේ අවලාද
නොඇසෙන විලස….

February 01, 2013

රස්තා ප්‍රේමය...........





සොයමි පිලිතුරු
පෙල පොතේ පිටු අතර
ප්‍රේමයේ නාමෙන්
නුඹම අකුරු කල...
 
 
විදින කල තුරුණු විය
හැම රසම හැම විටම
නුඹට අඩුපාඩුයි
දැනෙයි සොදුරිය මට...
 
 
හදේ සිත්තම්  කල
නිමල සෙනෙහස මිස
තනන්නට නොහැක මට
ටජ් මහල් මන්දිර...
 
 
දිවි පුරා වැයෙන තත්
දොම්නස සතුට මැද සිට
සුශර කරවන්නම්
මිහිරි යුග දිවියකට....
 
 
සොයමි පිලිතුරු
පෙල පොතේ පිටු අතර
ප්රේමයේ නාමෙන්
නුඹම අකුරු කල…..