May 27, 2016

සිහින ලුහුබඳින්නෝ......



භාවනා කළෙමි මම
දෙනෙත් වසා,
මකා ගන්නට
හීන වලට
ඇබ්බැහි වූ
හිතේ කාන්සිය........

ආලින්ගනයේ යෙදුනෙම්
මාර දූ තිදෙන හා
සුරාන්තයටම අවුත්
දෑස් හැර
හිස් අහස දකිනකම්..........