තනි යහනෙ නිති ඇදෙන
නිදි නොමැති දිගු රැය පුරා
අනුරාග සිනමා දසුන් පෙළ
මවයි නෙතු අද්දර රටා
සිහිනඟ හිමි මන ලන්දු
පැදි පුන් ලැම හැඩ මයුරු
නෙත් කොන් විද රස කැන්දු
සියොලඟ ගිනි සිළු නැoවූ
නින්ද පෙර මධු හැගුම් විකසිත
හිරිවැටුන ගත සුවෙන් සතපන
මියුලැසිය රළු ඇඟිලි තුඩු මිස
නොවේ උණුහුම් පහස ඒ ලඳ
සුර දෙව් ලියන් දුහුල් සළුයි ගත ලන්නේ
ReplyDeleteපිරුපුන් කොමල සිරුරයි විනිවද යන්නේ
තනි යහනම දා බිදු වැඳ තෙත් වන්නේ
මගේ අතයි හැමදා පිහිටට ඉන්නේ
මෙහෙම කිව්වට මොකෝ...මම නම් ඕන් බැඳලා ඈ.....
ඩබල් ඇඳක ජෝඩු දමා හිටියාට
Deleteරෑ අඳුරේ රති කෙලියේ යෙදුනාට
පාලු පැයක හද ගිනි ගත් වෙලාවට
අතම නේද ඉන්නේ තනි නොතනියට.....
බැඳලා කියපු හින්දයි මෙහෙම කිව්වේ...බොහොම ස්තූතියි ඔබේ ලස්සන කොමෙන්ටුවට......
"මියුලැසිය රළු ඇඟිලි තුඩු මිස
ReplyDeleteනොවේ උණුහුම් පහස ඒ ලඳ"
අපට කොයින්ද බූල් බල්ලෝ???
උඩ කොමෙන්ටුවත් හරිම අපූරුයි..කොල්ලා බැඳලා හිටියට....
බූල් බල්ලෝ ලැබෙයි..බලන් ඉන්න..හැබැයි ඉන්න බල්ලත් හැමදාම තියාගන්න වෙයි....
Deleteමක්කෑ බොලෑ තෝ දොඩන්නේ
ReplyDeleteහිටින්කෝ කියන්ට
මහා උන්දෑට
ලමිස්සියෙක් හොයන්ට ..
පළමු කොමෙන්ටුවෙන් කියන්නේ
බැන්දත් බැරුවෑ ඕව කරන්ට
ඕනෑ වෙයි තාම බලන්ට
ඉස්සර හැටියේම පාඩුවේ ඉඳින්ට ..
බූල් බල්ලෝ ලබන්ට
ඕන වේය ගෙවන්ට
උන්ට දෙන්ට
හොද සැපට කන්ට
මක්කෑ බොලෑ තෝ දොඩන්නේ
ReplyDeleteහිටින්කෝ කියන්ට
මහා උන්දෑට
ලමිස්සියෙක් හොයන්ට ..
පළමු කොමෙන්ටුවෙන් කියන්නේ
බැන්දත් බැරුවෑ ඕව කරන්ට
ඕනෑ වෙයි තාම බලන්ට
ඉස්සර හැටියේම පාඩුවේ ඉඳින්ට ..
බූල් බල්ලෝ ලබන්ට
ඕන වේය ගෙවන්ට
උන්ට දෙන්ට
හොද සැපට කන්ට