June 12, 2012

තනි යහනේ උණුහුම් සුසුම්...(18++)



තනි යහනෙ නිති ඇදෙන
නිදි නොමැති දිගු රැය පුරා
අනුරාග සිනමා දසුන් පෙළ
මවයි නෙතු අද්දර රටා

සිහිනඟ හිමි මන ලන්දු
පැදි පුන් ලැම හැඩ මයුරු
නෙත් කොන් විද රස කැන්දු
සියොලඟ ගිනි සිළු නැoවූ

නින්ද පෙර මධු හැගුම් විකසිත
හිරිවැටුන ගත සුවෙන් සතපන
මියුලැසිය රළු ඇඟිලි තුඩු මිස
නොවේ උණුහුම් පහස ඒ ලඳ



6 comments:

  1. සුර දෙව් ලියන් දුහුල් සළුයි ගත ලන්නේ
    පිරුපුන් කොමල සිරුරයි විනිවද යන්නේ
    තනි යහනම දා බිදු වැඳ තෙත් වන්නේ
    මගේ අතයි හැමදා පිහිටට ඉන්නේ

    මෙහෙම කිව්වට මොකෝ...මම නම් ඕන් බැඳලා ඈ.....

    ReplyDelete
    Replies
    1. ඩබල් ඇඳක ජෝඩු දමා හිටියාට
      රෑ අඳුරේ රති කෙලියේ යෙදුනාට
      පාලු පැයක හද ගිනි ගත් වෙලාවට
      අතම නේද ඉන්නේ තනි නොතනියට.....

      බැඳලා කියපු හින්දයි මෙහෙම කිව්වේ...බොහොම ස්තූතියි ඔබේ ලස්සන කොමෙන්ටුවට......

      Delete
  2. "මියුලැසිය රළු ඇඟිලි තුඩු මිස
    නොවේ උණුහුම් පහස ඒ ලඳ"

    අපට කොයින්ද බූල් බල්ලෝ???
    උඩ කොමෙන්ටුවත් හරිම අපූරුයි..කොල්ලා බැඳලා හිටියට....

    ReplyDelete
    Replies
    1. බූල් බල්ලෝ ලැබෙයි..බලන් ඉන්න..හැබැයි ඉන්න බල්ලත් හැමදාම තියාගන්න වෙයි....

      Delete
  3. මක්කෑ බොලෑ තෝ දොඩන්නේ
    හිටින්කෝ කියන්ට
    මහා උන්දෑට
    ලමිස්සියෙක් හොයන්ට ..

    පළමු කොමෙන්ටුවෙන් කියන්නේ
    බැන්දත් බැරුවෑ ඕව කරන්ට
    ඕනෑ වෙයි තාම බලන්ට
    ඉස්සර හැටියේම පාඩුවේ ඉඳින්ට ..

    බූල් බල්ලෝ ලබන්ට
    ඕන වේය ගෙවන්ට
    උන්ට දෙන්ට
    හොද සැපට කන්ට

    ReplyDelete
  4. මක්කෑ බොලෑ තෝ දොඩන්නේ
    හිටින්කෝ කියන්ට
    මහා උන්දෑට
    ලමිස්සියෙක් හොයන්ට ..

    පළමු කොමෙන්ටුවෙන් කියන්නේ
    බැන්දත් බැරුවෑ ඕව කරන්ට
    ඕනෑ වෙයි තාම බලන්ට
    ඉස්සර හැටියේම පාඩුවේ ඉඳින්ට ..

    බූල් බල්ලෝ ලබන්ට
    ඕන වේය ගෙවන්ට
    උන්ට දෙන්ට
    හොද සැපට කන්ට

    ReplyDelete