විදුලි වේගෙන් ඇදෙන දුම්රිය
කවුලුවෙන් පිට අදුරු ලෝකය
මවයි මා හද සොඳුරු සිතුවම්
නොමැති මුත් නුඹ පෙනෙන මානෙක
නමුදු හනිකට ගමන අහවර
දනිමි නුඹ සුව ලැබෙයි නිසැකව
රැගෙන යයි මා දිව්ය ලෝකෙට
බෝ දුරක් පුර හඳත් පසු කර
පසුවදන:
මේ දවස් වල ටිකක් කාර්ය බහුල නිසා අලුතින් නම් මුකුත් ලියන්න බැරි වුණා. නමුත්, මම මීට අවුරුදු 4කට වගේ කලින් ලියපු එකක් නිකමට වගේ මතක් වුණා. එම නිර්මාණය හා බැඳුනු කතාව බොහොම අපූරු එකක් නිසා මේ විදියට පල කරන එක හොඳයි කියලා හිතුණා. දැන් මම කියන්නම් කතාව මොකක්ද කියලා;
මම ඉස්සර හැම සිකුරාදවකම වගේ රාජකාරි ඉවර වෙලා ගෙදර යනවා. මොකද කොළඹ ඉදලා හැමදාම ගෙදර යන්න පුලුවන් දුරක නෙවෙයි අපේ ගෙවල් තියෙන්නේ.ඉතින් දුම්රිය තමයි පිහිටට හිටියේ. සුපුරුදු විදියට එක සිකුරාදාවක මම දුම්රියේ පොතක් කියවමින් ගමන් කරමින් සිටියා. මොකද පැය 4ක් විතර යන්න ඕනනේ. ඉතින් මට එහා පැත්තේ අසුනේ තවත් සගයෙක් හිටියා මගේ වයසෙම වගේ. කම්මැලි කමක් දැනුන නිසා නිකමට එයත් එක්ක කතාවක් දැම්මා. එතකොත දැන ගත්ත දේ තමයි ඉහත නිර්මාණයට පදනම් වුණේ.
ඔහු කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරනවා. නමුත් හැම සිකුරාදකම ගෙදර එන්නේ හරිම නොඉවසිල්ලෙන්. ඒකට හේතුව ගැහැණු ලමයෙක්, බිරිඳ , දරුවන් වගේ දෙයක් නෙමෙයි. ඔහු යම් කිසි මත්වන දෙයකට ඇබ්බැහි වී හිටියා. එය බාවිතා කල පසු ඔහුව හඳට අරන් යන බවත් විස්වාස කරා. නමුත්, කොළඹදී ඔහුට එය පාවිච්චි කරන්න විදියක් තිබිලා නැහැ. ඉතින්, බොහොම අමාරුවෙන් සතියේ දවස් වල වැඩ කරලා ගමට එන්නේ එයින් ටිකක් පාවිච්චි කරන්න. හොඳම කාරණය තමයි ඔහුගේ ගමේ ඔහුටම ගැලපෙන යාලුවන් කණ්ඩායමකුත් සිටිම. ඔවුන් දුම්රිය ස්ථානය අසල තැනක මත් වෙන්න අවශය කලමනා සුදානම් කරගෙන රැදී ඉන්නවලු ඔහු එනකම්.
ඉතින්, හඳට යන්න, ගමන ඉවර වෙනකල් නොඉවසිල්ලෙන් බලන් හිටිය ඒ සගයා මට දුන් අදහස මෙසේ පද පෙලක් ලෙස ජoගම දුරකතනයේ කොටා ගත්තේ එදිනම දුමිරියේ යන ගමන්මයි. එය කිසිඳු වෙනසක් නොකර මෙසේ පල කරන්නේ එම සජීවි අත්දැකීමේ හැඟිම් ඔබ හටත් විඳගැනීමටයි.
සහයා මල් පාවිච්චි කරන කෙනෙක්ද?
ReplyDeleteසගයා මල් නැතුව බොහොම අමාරුවෙන් තමයි ඉඳලා තියෙන්නේ... කිරි පුතාට ස්තූතියි කොමෙන්ටුවක් දැම්මට...
Deleteමමත් හදේ ගියපු කාළයක් තිබුණා.. දැන්නම් නැහැ... හැබැයි, මේ වගේ යාළුවෝ හිටියනම් අද හදේ නෙවෙයි අඟහරු වල.....
ReplyDeleteමොනව වුණත් නවත්තපු එක හොඳයි. නැත්නම් ආයි බස්සගන්න වෙන්නෙත් නැති වෙයි..අදහස් දැක්වූවට බොහොම ස්තූතියි.
Deleteඅවුරුදු 4කට කලින්ද ලිව්වේ...මොනව වුනත් අමුතු ගතියක් තියෙනවා...
ReplyDeleteඅවුරුදු 4කට කලින්ද ලිව්වේ...මොනව වුනත් අමුතු ගතියක් තියෙනවා...
ReplyDeleteතෑන්ක්යූ වේවා....
Deleteසගය පැණි මාම කෙනෙක් වෙන්ටැති!:)
ReplyDeleteපැණි නෙවෙයි සහෝ.. මිනිහා පාවිච්චි කරන්නේ මල්....
Deleteoya hadaya koheda danne neda mokada, hemadama gedara awhama padi iwara ethi neda ban,balagena owata purudu wei,mokada dannawada hadata giyoth,......
ReplyDeleteehema wenne na....
Delete