November 20, 2012

ගැහැණිය....(රෝස මලේ නටුවෙ කටූ)




ඔබේ නෙතු විනිවිදින
බොහෝ උත්තම පුරුෂ ගුණ
කැටි කරන් එක මිටට
තැනු විසල් පිළිරුව
අබියසදි මම,
අඟුටුමිට්ටෙක් මැයි.............

ඉඳින්,
නුඹට නව දිවි පෙතක්
පතා හද ගර්බයෙන්
අඳුරු සෙවණැලි තුල
සැඟව යමි මම...........

නුඹ,
මගෙ ගුණත් කැටි කර
යළි අඹාපන් පිළිරුව
පුරා සක්වල පීරපන්
සොයා ඔබ සිහින කුමරුව……

November 01, 2012

සුබ උපන් දිනක් - නුඹටම සෙනෙහසින්....





දිවි  මගේ සොදුරුම
වසත් කල ඉම
මගේම වුනු නුඹ
සුන්දරය,
පෙර ලෙස නොව
ඊටත් වැඩිය අද මට….

මකරන්ද හාදු තැවරුනු
සීත වප් මහ සුළඟ
රහස් කොඳුරයි හෙමිහිට
සිහිපත්ව,
දෙව් ලොවින් බට දින
දූල කැල්මක් විලසින…..

මා දිවිය බබලවන
පහන් සිළුවක් ලෙසට
මටම ලo වී ඉන්න
පතමි මම,
උදක් මේ බවේ නොව
සසර සරණා තුරුම….


පසු සටහනක්ද තබමි...උපන් දිනයක් යනු සැමරිය යුත්තක්ද, නො එසේනම් හුදෙක් සාමාන්ය දිනයක්ද යන්න සමාජයේ විවාදිත කරුණක් වන අතර එය සමරන්නන් විවිධ ක්‍රම භාවිත කරමින් උපන් දිනය සන්කේතවත් කරති. මගේ උපන් දිනය මා හට තවත් එක් දිනයක් වන අතර කිසිදා සමරා නැත. නමුත්  මා පණ සේ ආදරය කරන මගේ පෙම්වතියගේ උපන් දිනය එසේ අමතක කර ඇයට අඩුවක් කිරීමට නොහැකිය..ඉඳින්,,,, මා විසින් ඇයට ලබා දුන් වටිනාම තිළිණය මෙසේ මගේ බ්ලොගයේ පළ කර සිටිමි.......

August 20, 2012

මම,කන්තෝරුව හා පෙම්වතිය.........



කන්තෝරුවේ
ලිපි ගොනු අතර,
සැගවෙච්ච
විඩාබර නෙත්යුග……

තොරතෝන්චියක් නැති
දුරකතන ඇමතුම්
හරස් ප්‍රශ්න වැල්වටාරම්
සවන් කකියන……..

තැලිවි පොඩි වී
පුද්ගලික බසයක
මග තද බද මැද
මරු සමග ගමනක…….

හන්දියේ කඩෙන් ගත්
ලුණු ඇඹුල් නැති
බත් පැකෙට්ටුව
එල්ලගෙන බෝඩිමට…….

දා බිදු සුවද හදුනන
යහන මග බලමින්
දිනය නිම කරනා
දුරකතන ඇමතුමට…….

මහා වරදක් කළා මෙන්
ගොතා කාරණ නිදහසට
සපථ කර අමතක වු නැති බව
සනසමින් පෙම්වතිය……..

June 12, 2012

තනි යහනේ උණුහුම් සුසුම්...(18++)



තනි යහනෙ නිති ඇදෙන
නිදි නොමැති දිගු රැය පුරා
අනුරාග සිනමා දසුන් පෙළ
මවයි නෙතු අද්දර රටා

සිහිනඟ හිමි මන ලන්දු
පැදි පුන් ලැම හැඩ මයුරු
නෙත් කොන් විද රස කැන්දු
සියොලඟ ගිනි සිළු නැoවූ

නින්ද පෙර මධු හැගුම් විකසිත
හිරිවැටුන ගත සුවෙන් සතපන
මියුලැසිය රළු ඇඟිලි තුඩු මිස
නොවේ උණුහුම් පහස ඒ ලඳ



March 04, 2012

පුර හඳටත් උඩින් යන්න....



විදුලි වේගෙන් ඇදෙන දුම්රිය
කවුලුවෙන් පිට අදුරු ලෝකය
මවයි මා හද සොඳුරු සිතුවම්
නොමැති මුත් නුඹ පෙනෙන මානෙක

නමුදු හනිකට ගමන අහවර
දනිමි නුඹ සුව ලැබෙයි නිසැකව
රැගෙන යයි මා දිව්ය ලෝකෙට
බෝ දුරක් පුර හඳත් පසු කර

පසුවදන:

       මේ දවස් වල ටිකක් කාර්ය බහුල නිසා අලුතින් නම් මුකුත් ලියන්න බැරි වුණා. නමුත්, මම මීට අවුරුදු 4කට වගේ කලින් ලියපු එකක් නිකමට වගේ මතක් වුණා. එම නිර්මාණය හා බැඳුනු කතාව බොහොම අපූරු එකක් නිසා මේ විදියට  පල කරන එක හොඳයි කියලා හිතුණා. දැන් මම කියන්නම් කතාව මොකක්ද කියලා;

      මම ඉස්සර හැම සිකුරාදවකම වගේ රාජකාරි ඉවර වෙලා ගෙදර යනවා. මොකද කොළඹ ඉදලා හැමදාම ගෙදර යන්න පුලුවන් දුරක නෙවෙයි අපේ ගෙවල් තියෙන්නේ.ඉතින් දුම්රිය තමයි පිහිටට හිටියේ. සුපුරුදු විදියට එක සිකුරාදාවක මම දුම්රියේ පොතක් කියවමින් ගමන් කරමින් සිටියා. මොකද පැය 4ක් විතර යන්න ඕනනේ. ඉතින් මට එහා පැත්තේ අසුනේ තවත් සගයෙක් හිටියා මගේ වයසෙම වගේකම්මැලි කමක් දැනුන නිසා නිකමට එයත් එක්ක කතාවක් දැම්මා. එතකොත දැන ගත්ත දේ තමයි ඉහත නිර්මාණයට පදනම් වුණේ.

     ඔහු කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරනවා. නමුත් හැම සිකුරාදකම ගෙදර එන්නේ හරිම නොඉවසිල්ලෙන්. ඒකට හේතුව ගැහැණු ලමයෙක්, බිරිඳ , දරුවන් වගේ දෙයක් නෙමෙයි. ඔහු යම් කිසි මත්වන දෙයකට ඇබ්බැහි වී හිටියා. එය බාවිතා කල පසු ඔහුව හඳට අරන් යන බවත් විස්වාස කරා. නමුත්, කොළඹදී ඔහුට එය පාවිච්චි කරන්න විදියක් තිබිලා නැහැ. ඉතින්, බොහොම අමාරුවෙන් සතියේ දවස් වල වැඩ කරලා ගමට එන්නේ එයින් ටිකක් පාවිච්චි කරන්නහොඳම කාරණය තමයි ඔහුගේ ගමේ  ඔහුටම ගැලපෙන යාලුවන් කණ්ඩායමකුත් සිටිම. ඔවුන් දුම්රිය ස්ථානය අසල තැනක මත් වෙන්න අවශය කලමනා සුදානම් කරගෙන රැදී ඉන්නවලු ඔහු එනකම්.

     ඉතින්, හඳට යන්න, ගමන ඉවර වෙනකල් නොඉවසිල්ලෙන් බලන් හිටිය සගයා මට දුන් අදහස මෙසේ පද පෙලක් ලෙස ජoගම දුරකතනයේ කොටා ගත්තේ එදිනම දුමිරියේ යන ගමන්මයි.   එය කිසිඳු වෙනසක් නොකර මෙසේ පල කරන්නේ එම සජීවි අත්දැකීමේ හැඟිම් ඔබ හටත් විඳගැනීමටයි.