කන්තෝරුවේ
ලිපි ගොනු අතර,
සැගවෙච්ච
විඩාබර නෙත්යුග……
තොරතෝන්චියක් නැති
දුරකතන ඇමතුම්
හරස් ප්‍රශ්න වැල්වටාරම්
සවන් කකියන……..
තැලිවි පොඩි වී
පුද්ගලික බසයක
මග තද බද මැද
මරු සමග ගමනක…….
හන්දියේ කඩෙන්
ගත්
ලුණු ඇඹුල් නැති
බත් පැකෙට්ටුව
එල්ලගෙන බෝඩිමට…….
දා බිදු සුවද හදුනන
යහන මග බලමින්
දිනය නිම කරනා
දුරකතන ඇමතුමට…….
මහා වරදක් කළා
මෙන්
ගොතා කාරණ නිදහසට
සපථ කර අමතක වු
නැති බව
සනසමින් පෙම්වතිය……..
අපූරුම අපූරුයි!
ReplyDeleteබොහොම ස්තූතියි හිරු මුවාවී........
ReplyDelete