ලියමි මම,
හද විලම
ඉරි තැලී ගිය
මොහොතක,
සිතා නුඹ ගැන…
දනිමි මම,
ශාන්තුවරයෙකු
නොවන වග,
පස් පවින්
වැළකුණ…
නමුදු මම,
කෑ ගසා කියමි
නොකල බව,
කිසිඳු කැළලක්
අප පෙමට…
නුඹ දුටුව
පළමු දින සිට,
නුඹ පෙම් බැන්ද
ඒ කුමරු,
අදත් එලෙසම බව…
මුදු පියාතටුවක
රැදි සැහැල්ලුව
හිත දරා,
ඔහේ සරණා
ඒ ජීවියම බව…
ඉදින්, අද නුඹට
නුඹම පෙමි කල,
ඔහු මරා,
ලොවම සනහන,
බෝසතෙකු අවැසි නම්…
මරමි මම,
පැරණි නුඹ කුමරුව,
යලිඳු ඉපදෙමි
ලොවේ අවලාද
නොඇසෙන විලස….
No comments:
Post a Comment