September 30, 2015

කාළය මැව් වෙනස...




හිරි පොද වැහි ඉසින
සීත අඳුරු රාත්‍රියක
ගත නොතෙමි සිත තෙමමින්
බෝම දුරක් ඉගිළුනු හැටි......

මධු බදුන් තුලටම වැද
ධූම මකරන්දයෙන් ඉපිල
අවන්හලක කල් මරන්න
අත වනනා මල් වැස්සද?

සමනළ හැඟුමින් පිබිද
ආගන්තුක සුසුම් සරට
පොරෝණයක එතිලා ඉන්න
නැකැත් බලන්නත් අවැසිද?

කියවන්නට එක හුස්මට
කතා පොතක් රසාලිප්ත
විදිමින් උණු කෝපි බිඳක්
අන් සුබ හෝරා කොයින්ද?

බිඳ වැටී මනරම් හීනය
ඇසී අඹුවගෙ මැසිවිල්ල
නළවගන්නට පුතනුවන් හඬන
පතයි පියෙකුගෙ සහය.....

No comments:

Post a Comment