October 18, 2015

බලු කූඩුවේ සිට පියෙකුගෙන්......



(නිමිත්ත:http://gossip.hirufm.lk/6864/2015/10/heinous-act-daughter-entrapped-her-father-in-dog-kennel-for-several-years.html)


අනිත දම් හිත පුරා දරමින්
බවුන් වැඩ බලු කූඩුවේ
මෙත් පතමි වියපත් හිතින්
නුඹට මගෙ සුදු දෝණියේ….

එදා කුළුදුල් කිරි සුවඳ වැද
රනින් ඔප විය ජීවිතේ
නුඹේ කැත කුණු පිරිමදින කළ
තවත් වැඩි විය පිය සෙනේ….

දෑතේ කර ගැට මත්තෙනි
නුඹගේ ලොව හිරු දිලුණේ
ගත දා බිඳු මල් වැස්සෙනි
ජීවන කෙත අස්වැදුණේ…….

කුක්කන්ගේ සුරතල් සරින්
උතුරන්න මුවගින් සිනා
හෙට දිනේ පරලොව ඉදන්
බලමි දූ නුඹෙ රන් සිනා….

No comments:

Post a Comment