මුලු දිවිය ම,
අත්ල මත තැබූ
මල් පියල්ලක
ඉරණම මෙන්
කාළයට ඉඩ හැරිය
නුඹ,
අමාවක කලුවෙන් ගතලූ
සීතම්ඹර සලු උනා
සුපුන් සදවතට හාදව
විකසිත පියුම් විලක
මකරන්ද විදින යුරු දැක,
තෙත් විය දෙනයන
තුටු කඳුලු බිඳකින්....
ජීවන ගමනේ එක් නිමේශයකදී බොහොම ළඟින් සබඳතා ගොඩ නගපු අය එක් මොහොතකදී ඉතා දුරස් පුද්ගලයන් බවට පත් වෙයි. එවන් සමහර සබඳතා ජීවිතේ පවත්නා තුරාවට මතකයන් ලෙසම පවතීවි. ඒ මතකයන් අතරින් සමහරක් අමිහිරි වූවත් යම් කාළයකදී ඒවා ආවර්ජනය කිරීමෙන් සියුම් සතුටක් නොලැබෙනවා නොවේ.
අපේ ජීවන ගමන් මගේ ගොඩ නැගුනු සමහර සබඳතා කෙලවර වන්නේ ලොකු දුකක් හිත ඇතුලෙ ඉතිරි කරලා. වඩා වැදගත් වන්නේ එවන් වියෝවකින් පසු අප නැවත සතුටින් ඉන්න අළුත් ජීවිතයක් පටන් ගන්නේ කොහොමද කියන එකයි.
ඉතින්,
මගේ මේ කවි ගෙත්තමෙන් කතා කරන්නේ ඒ වගේ සබඳතාවයක් බිදී ගිය පසු පෙම්වතිය තම හිටපු පෙම්වතා
නව ජීවිතයක් අරඹනවා දැක සතුටුවන සිදුවීමක් පෙමවතිය දකින ආකාරයයි.
මෙම පෙම් කතාවේ, වියෝව නිසා ගොඩක් දුකින් ඉද තියෙන්නේ පෙම්වතා වන අතර ඔහු යම් කාළයක් ජිවිතය එක තැන නවත්වා අහිමි පෙම්වතිය ගැනම සිතමින් ඉද ඇත. අත්ල මත තැබූ මල් පියල්ල ලෙස අරුත් ගන්වන්නේ එම අරමුණක් නැති ඔහේ ගලා ගිය ජීවිතයයි. එම අමිහිරි මතකයන් නිසා ඉතා මුග්ද ලෙස හැසිරුන පෙම්වතා එය නිවරැදිව තේරුම් ගෙන අලුත් ජිවිතයක් පටන් ගෙන ඇති ආකාරය දැක පෙම්වතිය හදවතින්ම සතුටු වෙයි.
මගේ නිර්මාණයේ සරල අදහස මේ විදියට ඉදිරිපත් කළාට එය ඔබගේ සිත් පරිදි රස විදීමට කිසිම බාධාවක් නොමැත.
සුන්දර නිර්මාණයක් , ස්තුතියි
ReplyDelete