අළුත් දිනකට දිරිය මුහු කල
මල් පුසුඹ රැඳි සිහිල් මද නල
විඳගන්න බැරි නිමේෂෙක මම
සුළo කෝඩෙට ඔබ මුවින් වට
මහ මෙරක් තරමට විසල්
ආල මැඳුරේ නැත හිඩැස්
තුරුණු විය දඟකාරකම්
ටික කළයි, නැත සදාකල්
ගියත් මිතු හා සවාරී
ඔබත් මා ළඟ කුමාරී
රළු වදන් වැල් දොඩන්නී
නෙත් පුරා විෂ කටු ඇනී
මල් පුසුඹ රැදි සිහිල් මද නල
ලය පුරා විඳගනිමු සිත් ලෙස
බොලඳ හැඟුමට වාල් වී කිම
නිමල පෙමකට නිගා කෙරුමට
hmmmm... nice creation.... :) :)
ReplyDeleteඇත්තෙන්ම අපි කවුරු කවුරුත් මූණ දෙන කටුක අත්දැකීමක්...අපූරුයි.....
ReplyDelete