September 20, 2011

වෙසඟන පහස....


මිහි බට සුරඟනකි
රැයටම මොණරු හතරකි
සළුපට මෑත් වුනි
කම් සැප සොයා කිමිදුනි

හීන් කෙදිරිය නැවතුනි
යහන දෙපසක ඇලවුණි
ළහිරු රැස් කඳ නැහැවී
දිටි දසුන් හද කැලඹුනි

වත්සුනු වතෙහි වියැකී
නයන අඳුනද බොද වී
කියුඹුවැල් ඔහෙ විසිරී
යකින්නක සිරි ගත්තී

No comments:

Post a Comment