December 14, 2011

හෙට වෙනකම්.....




සීතල රෑ අඳුරු කොනෙක
දුරකථනෙට රහස් කියන
නිම් ඉම් නැති මුනුමුනුවක,
හෙට පලඳන රන් මුදුවෙන්
පැහැබර  වන නව ලොව ගැන...

සේපාලිකා මුදු සුවඳට
ආල හැඟුම් විකසිත වන
නිදි නැති හදවත් අද්දර,
බොර දම් පැහැ සඳවතියත්
ඔච්චම් කර හැoගෙන හැටි....

සේපාලිකා මල් කැකුළියෝ
ගහ යට මියැදෙන්නට පෙර
නිදි දෙව් හා තුරුල් වෙන්න,
අප ලොව හෙට, බෝ දුර මුත්
සිහිනෙන් විත් කොපුල් සිඹිමි  ….

No comments:

Post a Comment