December 28, 2011

වස්සානේ විභාගය.....



අඩවන් වු කවුළු දොර
විසුළ හිරිපොද කුටියට
හිරිගඩු පිපෙයි සියොලඟ
දැවැටි සීතල සුෂර පොදකට

පඬු පැහැවු කොළ ගොන්නක
පුස් ගදට හැකිලි උවනත
පිබිදි එන හැටි බිඳ බිඳ
දූලි සුවඳට විසිර පැතිරුන

"චිරි චිරි" සරට යොමු වූ සවනින්
සීත මුදු නළ පහස විදිමින්
දෙපා සිට ගත පොරොව ගනිමින්
නිදා ගන්නට හිතෙයි දැන්නම්

අත ළඟට විත් සැරෙන් ඔරවන
විභාගය රුදු මෘග වෙස්  ගෙන
බල කරයි කොල ගොන්නෙ රැදුමට
o තනන්නට උසස් වීමට

පියවි ලොව වෙත පා නගන්නෙමි
කවුළු දොර ඇද අගුලු ලන්නෙමි
පඬු පැහවු කොල ගොන්න වෙත යමි
හෙට දිනන්නට සීත උහුලමි

4 comments:

  1. මට මේක කියවල ඉවරවෙනකොට මතක් උණේ රත්න ශ්‍රී කවිය ලියපු
    වස්සානය කවි පන්තිය!
    සාර්ථක නිර්මාණයක් !

    ReplyDelete
  2. නුවන් ඔබට බොහොම ස්තුතියි... තවත් මෙවැනි නිර්මාණ සියයක් කිරීමට ඔබලාගේ දිරි වදන් හේතු වේ.

    ReplyDelete
  3. can't explane.. very nice.. these days I feel just like this poem!

    ReplyDelete
  4. Ado asithaya niyamay. Sirawatama. Ela ela

    ReplyDelete